ඔබ සැබෑ ආදරය කරන්නෙක්ද?
සැබෑ ආදරය සොයන ඒ වෙනුවෙන් ජීවිතය වුණත් පූජා කරන්නට සූදානම් බොහෝමයක් අප අතර ඉන්නවා. ඒත් ඇත්තටම මේ සැබෑ ආදරය මොකක්ද? ජීවිතය වුණත් පුද කරන්නට සූදානම් වෙන්නේ අවංකවම ජීවිත කාලය පුරාවටම තමන් ලගින්ම ඉන්න තමන්ට පංච කාම ආශ්වාදය ලබාදෙන්නට හැකි සහකාරයෙක් හෝ සහකාරියකුටයි එහෙම නේද? ඒ වගේ කෙනෙක්ව සසර පුරාවටම පතන්නට තමයි අප හැමෝගෙම කැමැත්තත් එහෙම නේද?
දැන් ඉතින් ඔබ මේ කියන්නා වූ තමන්ගේ පෙම්වතා, පෙම්වතිය, සැමියා, බිරිඳ ලෙසින් කියන්නා වූ මේ සහකරුවා හෝ සහකාරියට අවංකවම සැබෑවටම ආදරය කරනවා නම් හෝ ඔබ එවැන්නෙක් බලාපොරොත්තු වෙනවා නම් ටිකක් හිතලා බලන්නට කරුණු කාරණා කීපයක් කියන්නම්කෝ.
අවංක ආදරයක් තියෙන දුකට සැපට ඔබ ලගින්ම ඉන්න ඔබගේ සහකාරයාව / සහකාරියව නැවත නැවත ඔබ පතනවා නම් එකිනෙකාව පංච කාම ආශ්වාදයන්ගෙන් මත්කරවමින් සතුටු කරවමින් මොහොතක සුවයක් ලබාදෙනවා නම් එයම ආදරය යැයි කියමින් සැනසෙනවා නම් ඒ විතරක් නෙවේ එසේ තමන් ලඟින්ම සිටිමින් තමන්ට ආදරයක් පෙන්වන්නේ නෑය තමන්ගේ ඇසට ඒ ප්‍රිය රූපයන් ලබාදෙමින් සතුටු කරවන්නේ නෑය, තමන්ට ආදර වදන් කියන්නේ නෑය, තමන්ව ස්පර්ශයෙන් ආදියෙන් සතුටු කරන්නේ නෑය කියලා තැවෙනවා නම් ඒ අනුව ගැටීමටත් ලක්වෙනවා නම් ඒවා කරන්නටැයි කියලා පොළඹවනවා නම් එසේ කරන්නා වූ සහකාරිය හෝ සහකාරයාම තමයි ඉතාමත් වටිනා සහකරුවා සහකාරිය මතු මතුත් එවැන්නෙක්ම ලැබිය යුතුයි ලෙසින් පතනවා නම් දැන් ඉතින් ඔන්න ගැටලුවක් තියෙනවා. මොකක්ද මේ ගැටලුව?
ගැටලුව තමයි ඔබ ඇත්තටම මේ කියන්නා වූ තමන්ගේ සහකාරයාට සහකාරියට ආදරයක් නම් නෑ කියලා තමයි ඉහත දේවල් තුලින් අදහස් වෙන්නේ. ඒ කොහොමද එහෙම වෙන්නේ... පුදුම කථාවක්නේ මේ කියන්නේ කියලා ඔබට හිතේවි. ආදරය ගැන හරි හැටි දන්නේ නැති නිසා තමයි එහෙම කියන්නේ කියලාත් සමහර විට කියාවි. එහෙම නම් පොඩ්ඩක් මෙන්න මේ ගැනත් තම තම නැණ පමණින් හිතලා බලන්නකෝ.

මේවගේ අංවක සෑබෑ ආදරයේදී ඔබ හිතලා බලන්න ඔබ ඇත්තටම කෙනෙකුට මුළු හදවතින්ම ආදරය කරනවා නම් තමන්ගේ පෙම්වතා, පෙම්වතිය, සැමියා, බිරිඳ ලෙසින් කියන්නා වූ මේ සහකරුවා හෝ සහකාරිය මිය යනවට ඔබ කැමතිද? ඒ සහකරුවා හෝ සහකාරිය රෝගාතුර වෙනවට කැමතිද? එහෙමත් නැතිනම් අනතුරකට ලක්වෙනවට ඔබ කැමතිද? එහෙමත් නැතිනම් මොනයම් හෝ ජීවිතයේදී හමුවන ගැටලුවක් හමුවේ අසහනයට පත්වෙනවට දුකට පත්වෙලා කම්පාවට පත්වෙලා ඉන්නවට ඔබ කැමතිද? මම නම් කැමති නෑ. ඇයි? තමන් කෙනෙකුට ඇත්තටම ආදරයක් තියෙනවා නම් ඒ අය දුකට පත්වෙනවාට අසහනයට පත්වෙනවාට මරණය හෝ මරණය සමාන දුකකට පත්වෙනවාට කැමති වෙන්න විදියක් නෑනේ නේද? ඒත් ඉහත වැඩපිලිවෙල ඒ කියන්නේ සැබෑම අවංක ආදරය ලෙසින් ලෝකයා පිළිගන්නා වූ ඔබ පිළිගන්නාවූ ඉහත කෙටියෙන් සටහන් තැබූ ආකාරයේ ආදරය ඔබ පණටත් වැඩියෙන් ආදරය කරනවා යැයි කියන්නාවූ ඔබගේ සහකාරයාව සහකාරියව මරණයට පත්කරන්නට මරණය හා සමාන දුකකට පත්කරන්නට හේතුවෙනවා කියලා ඔබ මොහොතකටවත් හිතන්නට නැතිව ඇති නේද?
මතු මතුත් පතනවා කියන්නේ අප ප්‍රාර්ථනා කරන්නේ නැවත ඉපදීමක්... ඉපදීමක් තියෙනවා නම් නැවතත් වෙනස්වීමට පත්වෙන්නට සිද්ධ වෙනවා... නැවතත් ලෙඩරෝග වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා... නැවතත් අනතුරු වලට පත්වෙන්නට සිද්ධ වෙනවා... නැවතත් වයසට යෑමේ දුර්වල වීමේ දුකට පත්වෙන්නට සිද්ධ වෙනවා... නැවතත් මරණයට පත්වීමේ දුකට පත්වෙන්නට සිද්ධ වෙනවා... මේ හැමදේකටම වැඩියෙන් මොහොතක් මොහොතක් පාසා ඇතිවන්නා වූ මානසික පීඩාවන් දුක කම්පාවන්ට ලක්වෙන්නට සිද්ධ වෙනවා.
දැන් ඉතින් හිතන්න... සැබෑවටම ආදරය කරනවා කියලා ඔබ ඇත්තටම කරන්නේ බොහෝම ආත්මාර්ථකාමීදෙයක්... අවංකවම ආදරය කරනවා කියලා පණ වුණත් දෙන්නට කැමැතියි කියලා මොහොතක සුවයක් ලබාදෙන්නා වූ පංච කාම ආශ්වාද ලැබීමේ අරමුණින් යුතුව ඔබ කරන්නේ මහා අසාධාරණයක්... ඉතින් හිතලා බලන්න ඔබ ඇයි මේච්චරටම ආත්මාර්ථකාමී පුද්ගලයෙක් වෙලා තියෙන්නේ කියලා...
ඔබට මොහොතකටවත් ඔබගේ ඇස, කණ, දිව, නාසය, කය සහ මන පිනවාගන්නට නොහැකිවීමේ දුක උහුලාගන්නට නොහැකි නිසාවෙන් ඔබ ඔබගේ සහකාරයාව සහකාරියව ඉහත කිව්වා වගේ මරණය සහ මරණය සමාන දුකකට පත්වෙන්නට යොමුකරවනවා. ඉතින් මෙය ආත්මාර්ථකාමීත්වය නෙවේද? සමහර වෙලාවට සැබෑ ආදරය හිමි කරගැනීමම නෙවේ කියලා තවත් කෙනෙක් සමග මේ කියන්නා වූ ආශ්වාද වැඩපිළිවෙල ලබන්නට ඔබ ඔබගේ සහකරුවාට සහකාරියට තමන් කැමැති වෙනත් කෙනෙක් සමග යෑමට උපකාරයක් වෙනවා... මේ ආකාරයෙන් නොයෙක් ආකාරයෙන් තම තමන්ගේ සැබෑ ආදරය කියලා පෙන්වන්නේ පංච කාම ආශ්වාදය ලබන්නට තම තමන්ගේ ඇති කැමැත්තමයි නෙවේද කියලා දැන් ඉතින් බුද්ධිමත් ඇත්තෝ ඔන්න හිතලා බැලීම සුදුසුයි. මේ ආශ්වාද මාත්‍රය අහිමිවීම නිසාම සියදිවි නැතිකරගන්නටත් පෙළඹෙන ඇත්තෝ ඉන්නවා නේ නේද?
එහෙනම් ඉතින් සැබෑ ආදරයක් අංවකවම ආදරයක් තියෙනවා නම් ඒ ආදරය කුමක් විය යුතුයිද? එය ඇත්තටම ආධාර කිරීමක් විය යුතුයි. සහාය දීමක්... කුමකටද මේ ආධාර කිරීම සහාය දීම සිද්ධ විය යුත්තේ? තමන් ජීවිතයටත් වඩා තමන් ප්‍රියකරන්නා වූ ආදරය කරන්නාවූ ඒ පුද්ගලයාට මරණයෙන් නිදහස් වීමට, මරණය සමාන දුක් වලින් නිදහස් වීමට, මානසික අසහනයන්ගෙන් නිදහස් වීමට, වයසට යෑමෙන් ලෙඩ රෝග ආදියෙන් නිදහස් වීමට උපකාර කල යුතුයි... එයම නොවේද සැබෑවටම යමෙක් තවත් කෙනෙකුට ආදරයක් තියෙනවා නම් කල යුත්ත? එයම නොවේද සහකාරයා හෝ සහකාරියගේ සැබෑම සහාය? ටිකක් හිතලා බලන්න... ටිකක් නොවේ ගොඩක් හිතලා බලන්න... මෙන්න මේ කැපකිරීම ඔබට කරන්නට හැකි නම් ඔබගේ සහකාරයා / සහකාරිය විතරක් නෙවේ ඔබටත් මේ කියන්නා වූ සියලු දුක් කන්දරාවන්ගෙන් මිදෙන්නට හැකිවේවි.

එහෙනම් කල යුත්ත කුමක්ද? ඔබගේ සහකාරයාට සහකාරියට මේ සියලු දුකෙන් මිදෙන්නට උපකාර වන්නා වූ ප්‍රඥාවන්ත ධර්මය දරන්නට ඔබට හැකි උපරිමයෙන් කටයුතු සලසා දෙන්න... ඔබට හැකි උපරිමයෙන් ඒ වෙනුවෙන් සහායක් වන්න... ඔබ බෞද්ධ කාන්තාවක් බුද්ධ චරිතය අසා දන්නා කාන්තාවක් නම් නිතරම ඔබට සිහියේ තබාගන්නට හැකි සැබෑම ආදරයක් පෙන්වූ කාන්තාවක් ඉන්නවා. ඒ තමයි යශෝධරාව. තමන්ගේ සහකාරයාට සැබෑවටම සහාය දුන්න සැබෑම අවංකවම ආදරය කල සැබෑම සහකාරියක් තමයි ඇය. ඉතින් ඒ නිසාම ඇයටත් එහි ඵල නෙලාගන්නට හැකියාවක් ලැබුණා කියලා අප දන්නවා.
ඉතින් මේ දේවල් ගැන තම තම නැණ පමණින් හොදින් විමසා බලා විශේෂයෙන් තරුණ වයසේ ඉන්න දූ දරුවන් සහෝදර සහෝදරියන් මේ ගැන වඩාත් උනන්දුවෙන් සිතා බලා නිසි ලෙසින් කටයුතු කරන්නට උත්සාහ කරන්න. සැබෑම සහකාරයෙක් සහකාරියක් ආදරයක් ඇති පුද්ගලයෙක් වෙන්නට ඔබගේ ප්‍රඥාවන්තභාවය අනුව ඔබට හැකිවේවි. මේ බුද්ධිමත්භාවය ප්‍රඥාවන්තභාවය තමන් තුල වැඩෙන තරමටම ඔබට ගිහි පරිසරයක් තුල විවාහක පරිසරයක් තුල වුවත් ප්‍රඥාවන්තව අතහැරීම නොඇලීම මිදීම හෙවත් සැබෑ සතුට හිමිකරගැනීමේ නිවන් මාර්ගය පුහුණු කරන්නට ප්‍රඥාව පූර්ණය කරගැනීමට බාධාවක් නොවේවි.
ඇමට ඇති කැමැත්ත නිසාම ඒ ආශ්වාද ලබන්නට ගොස් මාළුවා ඇමක් ගිලදමාගෙන මරණය හෝ මරණය සමාන දුකට පත්වෙනවා වගේ මොහොතක සුවයක් ලබන්නට පංච කාම ආශ්වාද ලබන්නට තමන්ගේ සහකාරයාව හෝ සහකාරියව ඇමක් බවට පත්කරගැනීමෙන් ඔබට මරණය සහ මරණය සමාන දුකක් ඇතිකරගන්නවා පමණක් නෙවේ තමන් ඇමක් බවට පත්වෙලා ඒ තමන් ආදරය කරනවා යැයි කියන්නා වූ තමන්ගේ සහකාරයටත් සහකාරියටත් ඒ ඇම ගිලින්නට ඉඩ පහසුකම් ලබාදී ඔවුන්වත් මරණය සහ මරණයට සමාන දුකට පත්කිරීමට ලෝකයේ සැබෑ අවංක ආදරය කියන්නා වූ දේ තුල සිද්ධ වෙනවා. ඉතින් මේ හැඟීම් වලට වහලෙක් නොවී... තමන්ගේ සිතට වහලෙක් නොවී... තමන්ගේ කයට වහලෙක් නොවී... වහල් භාවයෙන් මිදෙන්න... තමන්ගේ සහකාරයා / සහකාරියවත් එයින් මුදවාගන්නට බුද්ධිමත්ව සැබෑම මිනිසෙක් වශයෙන් කටයුතු කරන්නට ඔබට තිසරණයේ ආශිර්වාදය උපරිමයෙන් ලැබේවායි මෙත් සිතින් නිති පතමි!!
Casinos Near Me - Jammyhub
ReplyDeleteThere 제주 출장안마 are three 세종특별자치 출장샵 casinos near you. The one on the left has a 전라남도 출장안마 slot machine in the middle, 목포 출장안마 along with a slot machine that you can use on your PC. A 수원 출장안마 slot machine is a slot machine,